බැංකු ගිණුම







01. බැංකුවේ මුදල් තැන්පත් කිරීම














මුදල් තැන්පත් කළ විට බැංකු ජංගම ගිණුමේ ශේෂය වැඩිවන අතර ව්‍යාපාරයේ මුදල් ශේෂයෙහි අඩුවීමක් සිදු වේ.
අනුව මුදල් තැන්පත් කිරීම් ගිණුම් ගත කරන්නේ
                          බැංකු ගිණුම හර
                          මුදල් පොත බැර



02. ව්‍යාපාරයට ලැබෙන චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම

චෙක්පත් තැන්පත් කිරීම නිසා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මුදල් වැඩිවේ. ණයගැතියන්
ගෙන්, අත්පිට විකුණුම්වලින් යනාදි වශයෙන් චෙක්පත් ලැබෙන අතර එ්වා ලැබුණු
අවස්ථාවේ දී මුලින් ම මුදල් පොතට හර කර
එසේ මුදල් පොතේ හරට සටහන් කළ චෙක්පත් පසු ව බැංකුවේ තැන්පත් කරන විට
පහත දැක්වෙන පරිදි ද්විත්ව සටහන තැබිය යුතු වේ.











බැංකු ගිණුම හර
 මුදල් පොත බැර

  • කෙසේ වෙතත් චෙක්පත් ලැබෙන අවස්ථාවේ දී ම එ්වා බංකුවේ තැන්පත් කරන්නේ නම්

මුදල් පොතට හර කරනවා වෙනුවට ඍජුව ම ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර කළ හැකි
වේ.
නිදසුන ඃ-
 විකුණුම්වලින් ලැබුණු රු. 10 000ක චෙක්පත එම අවස්ථාවේ දී ම බැංකුවේ
 තැන්පත් කරනු ලැබී ය.

එවිට ද්විත්ව සටහන වනුයේ
       බැංකු ගිණුම හර         10 000
       විකුණුම් ගිණුම බැර    10 000




Comments